කුණු කන්දෙ උද්ඝෝෂකයන් වතුර ගසා පන්නයි


මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව පළාතේ වැසියන් පිරිසක් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයක් ජල ප්‍රහාර එල්ල කර විසිරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

පාරේ ටයර් පුළුස්සමින් වාහන ගමනාගමනයට අවහිර වන ආකාරයෙන් ඔවුන් උද්ඝෝෂණය කළ බව ද පොලිසිය පවසයි.

මෙම කුණු කන්ද නිසා පරිසරය වැනසි මිනිසුන් ලෙඩ වී පළාතම මහා ව්‍යසනයකට ලක් වී ඇතැයි උද්ඝෝෂකයෝ කියති.

M RDS_8768 RDS_8775 RDS_8784 RDS_8795 RDS_8799 RDS_8802 RDS_8805 RDS_8814 RDS_8822