වසර දෙකක් තිස්සේ විසඳුමක් නැතිව පළාතම ගඳ ගස්වන කොළොන්නාව කුණු කන්දට විසඳුමක් ඉල්ලමින් නීතිඥවරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කරුණු දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ නගර සභාව එහි කුණු දමන බවත් මධ්‍යම රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා විසඳුමක් නොලැබුණු බවත් එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස්වී ඇති බවත් ඒ නිසාම විසඳුමක් දිය හැකි බව නීතිඥවරු කීහ.
ලබන 31 වැනිදා මේ කුණු කන්ද බැලීමට යන බවත් මෙතෙක් සිදුවූ දෑ පිළිබඳව සවිස්තර වාර්තාවක් සපයන ලෙසත් මහේස්ත්‍රාත් නියෝග කළාය.

