කුණු ඇළේ ගුණාගේ ගෝලයා මාන්කුලමෙන් අල්ලයි


පන්නිපිටිය ගුවන් පාලම උඩදී වසර තුන හමාරකට පමණ පෙර මෝටර් රියක සිටි සුරේෂ් ජයසිංහ (41) නම් පුද්ගලයකු වෙඩි තබා මරා දැමීයැයි කියන පුද්ගලයෙක් අවුරුදු තුනහමාරකට පසුව කිලිනොච්චියේ මාන්කුලමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බත්තරමුල්ල පැලවත්තේ පදිංචි ජයසිංහ දැනට ඉන්දියාවේ චෙන්නායි නුවර සිරගෙදර සිටින කුණු ඇළේ ගුණාගේ ඕනෑකම මත මරා දමන ලදැයි පොලිසිය සැක කරයි.

ඔහුගේ ඝාතනයට සම්බන්ධ එක් අයකු අත්අඩංගුවට ගත් නමුත් අනෙක් පුද්ගලයා පොලිසියෙන් අතුරුදන් කර ඇතැයි ඔහුගේ නෑයෝ රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.

ඒ අනුව මේ වැටළීම සිදු විය.

පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියදී සැකකරු මාන්කුලමෙන් සොයා ගැනීමට පොලිසිය සමත් විය.