මිනිස් පාරිභොජනයට නුසුදුසු අර්තාපල් තොගයක් ගබඩා කැරගෙන හොද අල වලට කලවම්කර වෙළෙදපොළට යැවීමේ සිද්ධියක් පිළිබඳව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා නිලධරයෝ අද (30) සොයාගත්හ.
මෙම ගබඩාව දඹුල්ල මාතලේ මාර්ගයේ කපුවත්ත මොරගල්ලෑවේ වී ගබඩාවක පවත්වාගෙන ගොස් තිබිණි.
පකිස්තානයෙන් ගෙන්වු කුණු අර්තාපල් කිලෝ 25000පමණ තිබු බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසීය.
කම්කරුවන් 50 ක් පමණ යොදාගෙන කුණු අර්තාපල් තෝරා හොඳ අර්තාපල් සමඟ කලවම්කරමින් සිටියදී වැටලීම සිදු විය.
මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් මෙම අල ගෙන්වා තිබිණි. පසුව එම ව්‍යාපාරිකයා පාරිභෝගික අධිකාරියේ මාතලේ ප්‍රධානී ඒ.එම්.ජේ සමන්ත මහතාට දුරකතනයෙන් කතා කොට උදවිවක් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.එම ප්‍රධානියා එය ප්‍රතික්ෂේප කළේය.