කුණු අල තොගය දඹුළු දේශපාලඥයාට පාරා වලල්ලක් වෙයි


දඹුල්ලේ සිසිල වත්ත ප්‍රදේශයට මහ රෑ කුණු අල තොගයක් දමා ගිය දඹුල්ල ප්‍රාදේශීය දේශපාලඥයෙකුට එම කුණු අල තොගය යලි රැගෙන යාමට සිදු විය.

දඹුල්ල පුරපති ජාලිය  ඕපාත  මහතාගේ මැදිහත් වීමෙන් මෙම අල තොගය රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු කියති. 

එම දේශාපාලඥයා පවසා ඇත්තේ කුණු අල තොගය බැහැර කිරීමට තමන් රුපියල් පන්දහසක් ගෙවු බවයි.

දඹුල්ල වැසියන් කියනුයේ දඹුල්ලේ තැන තැන කුණු අල දමා යන ලොරි අල්ලා ගැනීමට රැකවලෙහි යෙදෙන බවයි.