හෙරොයින් ග්‍රෑම් දෙකයි දශම හතරක් ළඟ තබා ගත් සමරවීර ආරච්චිගේ සුරෝශ් කුමාරට කොළම මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඩුවම නියම කළේය.
බොරැල්ල සර්පන්ටයින්ම් පාරේ පදිංචි සුරේෂ් කුමාර් තීන්දුව දීමට පෙර පැවසූයේ තමා කුඩුවලට ඇබ්බැහි සිටින්නකු බවයි. කුඩු විකුණන්නකු නොවන බවත් එහෙයින් දඩුවම් ලිහිල් දඩුවමක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඔහුගේ පෞද්ගලික ආයාචනයට වඩා හෙරොයින් මත්කුඩුවලින් සමාජයට වන විනාශය සැලකිල්ලට ගැනීමේ අයිතියක් උසාවියට ඇතැයි ඔහුට මරණ දඩුවම නියම කරමින් විනිසුරු ප්‍රකාශ කළේය.