කුඩුකාරයනුත් උසාවියට ගේන්න හිරුණිකා වලිකයි


මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන නව වැනි දා ජනපතිවරණය ජයග්‍රහණය කළ පසු රාජපක්ෂ ආණ්ඩුවේ  සිටින මිනීමරුවන්,කුඩු කාරයින්,ස්ත්‍රී දුෂකයින් ආදී සියලුම අපරාධකරුවන් 11 වැනි දා නීතීය හමුවට ගෙන එන බවත් නව ආණ්ඩුව යටතේ පිරිසිදු දේශපාලනයක් අරඹන බවත් කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) මාතර දෙවිනුවර ජන හමුවකදී පැවසුවාය.

සිරිසේන මහතාට ආධාර පතා මේ රැළිය පැවැත්විණි.