රුපියල් කෝටි 36ක වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු කිලෝ 35ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සම්බන්ධ බව කියන පුද්ගලයකු වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය රජයට කරුණු දැක්වීම ගැන බලධරයන් විමතිය පළකරන බව ඉන්දියාවේ හින්දු පත්‍රය කියයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් පසුගිය අප්‍රේල් 03 වැනි දා පොලිස්පති හමු වී යැයි එම පුවත්පත කියයි.
ශ්‍රී ලංකා රේගුව ඔරුගොඩවත්තේ දී පසුගිය දා හෙරොයින් කිලෝ 35ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සම්භවය ඇති ඉන්දියා පුරවැසියෙක්, පකිස්තාන ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකියෙක් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ .
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය පොලිස්පතිට පවසා ඇත්තේ එම පුද්ගලයා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය නිලධරයන්ගේ ඔත්තුකරුවකු බවයි.
බ්‍රිතාන්‍යය නිදහස් කර ගැනීමට උත්සාහ කරනුයේ මේ තිදෙනාගෙන් කවුදැයි හින්දු පත්‍රය සඳහන් නොකරන නමුත් ඔහු කැනඩා පුරවැසියා බව ශ්‍රී ලංකා ආරංචි පවසයි.
මේ ගැන සාකච්ඡා කළ යුත්තේ පරීක්ෂණ අවසන්වීමෙන් බව පොලිස්පති බ්‍රිතාන්‍ය නියෝජිතයනට පැවසූ බව හින්දු පත්‍රය කියයි.

