කුඩු සටනට මුස්ලිම් පල්ලි 176 ක් එක් වෙයි.


ඩ්‍රග්ස්  හරාම්   (කුඩු  එපා) යනුවෙන්  උද්ඝෝෂණයක්  සිකුරාදා (10) සවස කොළඹ කොටුව  දුම්රිය  ස්ථානය  ඉදිරියේදි   පවත්වන බව අන්තරාදායක  ඖෂධ  පාලක  මණ්ඩලයේ   සභාපති  වෛද්‍ය නිලන්ත  සමරසිංහ  මහතා  පැවසිය.

බස්නාහිර  පළාතේ මුස්ලිම්  පල්ලි  එකසිය  හැත්තපහකට  යාච්ඤා  සඳහා  රැස්වෙන  මුස්ලිම්වරුන්ට  ඊට  එක්විමට  නියමිතය.

මත්කුඩු  තුරන්  කිරිමේ  මෙහෙයුමට  මුස්ලිම්  පල්ලි  සිය  ජනතාව සමඟ  පෙරමුණ ගෙන  ක්‍රියා   කරන  බවත්  වෛද්‍ය  සමරසිංහ  මහතා  සඳහන්  කළේය.