මත්ද්‍රව්‍යයට නොරැවටෙන තාරුණ්‍යය මැයෙන් නිර්මාණාත්මක වැඩසටහන් තෝරා ගත් පාසල් සියයක අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වෙන බව අන්තර් දායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
මන්ත්‍රව්‍ය නිවාරණයට අදාළ ඔවදන් සහිත පොත් සලකුණු හැත්තෑපන්දහසක් මෙහි දී දරුවන්ට බෙදා හරිනු ලැබේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මත්ද්‍රව්‍ය පිටුදැකීමට ඉකුත් මාසය පුරාවට පාසල් දරුවන් සහ දෙමව්පියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙසය.
මෙම වැඩසටහනට සමගාමීව ඉකුත් දා පාසල් දරුවන් ප්‍රධාන කොට ගෙන හාරසීයකගේ පමණ සහභාගිත්වයෙන් පාගමනක් මට්ටක්කුලිය මෝදර ප්‍රදේශවල ක්‍රියාත්මක විය.
එහිදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා සිට කැමැත්තෙන් ද ඉදිරිපත්වීම විශේෂත්වයක් වූ බව එහි සහකාර අධ්‍යක්ෂ (බාහිර සේවා) සඳුන් ගනින්ගොඩ මහතා පැවසීය.
මෙම පාගමනට එක්වූ සභාපතිවරයා ප්‍රදේශ පුරා සැරිසරන ජනතාව දැනුම්වත් කිරීමට කැපී පෙනිනි.
මෝදර මට්ටක්කුලිය භාර බාහිර නිලධාරී එෆ් ආර් පාලි මහත්මිය මෙය සංවිධානය කර ඇත.
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාවට නංවා ඇත.

