නව රජයේ දින සීයයේ වැඩසටහන යටතේ මත් දුව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික්ක පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ වැටලීම් ඒකක පිහිටුවා ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
පොලිස්පති නියමය පරිදි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ එක් කණ්ඩායමකුත් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පොලිස් අධිකාරී යටතේ එක් කණ්ඩායමකුත් හා පොලිස් ස්ථාන මට්ටමින් එක් කණ්ඩායමකුත් පත් කර ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.

