කුඩු රියට පොලිසියෙන් වෙඩි


අතුරුගිරියේ දී වෙඩි වැදුණු පුද්ගලයා මිය ගිය බව නවගමු රෝහල කියයි.

ඔහු ගමන් කරමින් සිටි වාහනයට  වෙඩි තබා ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් බව පොලිස් ආරංචි කියයි.

එම මෝටර් රථයෙන් කුඩු ප්‍රවාහනය කරන්නට ඇතැයි   පොලිසිය සැක කරයි.

මිය ගිය පුද්ගලයා ලාලිත කෞෂල්‍ය හෙවත් කුඩු ලාලිත ලෙස හඳුනා ගත් බව පොලීසිය කියයි.

රියේ සිටි තවත් අයෙක්ද තුවාල ලැබීය.සිද්ධිය සියැසින් දුටුවන් පවසනුයේ රතු පැහැ රියකින් පැමිණි පිරිසක් සුදු  පැහැති රියට වෙඩි තැබු බවයි.

IMG_2090 IMG_2094 IMG_2095 IMG_2096 IMG_2105