කුඩු රජා කුරුවිට රඳවාගැනීම සාධාරණයි


හෙරොයින් මත්කුඩු ජාවාරමේ ප්‍රබලයෙකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරය ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.

එම සැකකරු කොළඹට මාරු නොකර කුරුවිට රඳවාගෙන සිටිතියි ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයට පැමිණිලි කළහ.

ඒ අනුව මහේස්ත්‍රාත් බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවීය.

සිද්ධික් පකිස්තානයේදී අත්අඩංගුවට ගැනිණ.

වැඩිදුර විභාගය 27 වැනිදාට කල් තැබිණ.