මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරම් කළැයි කියන මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරිය ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් නඩුවේ සැකකරුවෝ කරනු ලැබූහ.
යකඩ ඇණ හා බෝල්ට් අස්සේ සඟවා ඔවුන් විසින් ගෙනෙන ලදැයි කියන රුපියල් කෝටි 36ක් වන කිලෝ 36 ක හෙරොයින් ඔරුගොඩවත්තේ රේගු අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මාළිගාකන්ද මහේස්ත්‍රාත් හමුවේ පොලිසිය කියා සිටියේ සිද්ධික් හා ඔහුගේ බිරියට අමතරව තවත් සැකකරුවන් දස දෙනකු සිටින බවයි. සිද්ධික්ගේ බිරිය දැන් ඩුබායි ජීවත්වන බවද පොලිසිය සඳහන් කළේය.
දෙසැම්බර් 2 වැනිදාට නඩුව කල් තැබිණි.
සිද්ධික් පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවනු ලැබූ පුද්ගලයෙකි.

