කුඩු මුදලාලි පොලිසියට කොකො පෙන්නයි


මීගොඩ නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයකු පොලිසිය දෙසට දෙවරක් වෙඩි තබා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය ගෙය වටලා පිරිසක් ගෙන ඇතුළු වෙද්දී ඔහු මෙට්ටයක් යටින් අවියක් ගෙන වෙඩිල්ලක් පත්තු කැර එතැනින් බේරී එළියට පැන ආ බවත්, එළියේ දී පොලිසිය ඔහු අල්ලා ගැනීමට අහසට වෙඩි තැබූ නමුත් ඔහු පැන ගිය බවත් කියති.