පකිස්තානයෙන් කන්ටේනරයකින් එවූ හෙරොයින් කිලෝ 250ක් කොළඹ වරයාට ළඟා වන්නටත් පෙර බදු කපා හරින්නැයි ඉල්ලමින් අගමැති දි මු ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු රේගුවට ලියුමක් එවා ඇතැයි රේගු ආරංචි කියයි.
කන්ටේනරය ප්‍රමාධ වී මුදා ගැනීමේ දී ගෙවිය යුතු ගාස්තු හා රේගු ගාස්තු අය නොකරන්නේ නම් අගමැති බෙහෙවින් ස්තුතිවන්න වන බව එම ලිපියෙන් දැක්වේ.
තම ව්‍යාපාරයේ මංගල පියවර මෙය නිසා ලොකු බද්දක් ගෙවිය නොහැකි බව එහි දැක්වේ.
දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් හා පකිස්තානුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාවෙන් පැන ගිය තැරැව්කරු කාශ්මීරයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ද නියමිතය.