
(ෂේන් සෙනෙවිරත්න)
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති.
උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේ අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
මහා නාහිමියෝ මෙසේ ද පැවැසූහ
මත් ද්‍රව්‍ය මැඩලීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
රුණ පරපුර මත්ද්‍රව්‍ය උවරෙන් ගලවා ගැනීම සඳහා රජය විසින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය අවංක උවමනාවකින් යුතුව කටයුතු කරන බව පෙනෙන්නට තියෙනවා.
මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කළද පසුව ඔවුන් නැවතත් ඊට ඇබ්බැහි වන බවට ආරංචි ලැබෙමින් තිබෙනවා. මතට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කටයුතු විධිමත්ව සිදුකළ යුතුයි. තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියේ විවිධ රටවලින් විදේශිකයන් මෙරටට පැමිණ ලෝකය ඇති අධික විෂ සහිත මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.


