කුඩු නඩුවෙන් නිදහස් වෙන්න වසර 13 ක් යයි


හෙරොයින් මිලි  ග්‍රෑම් 7.2 ක් ළග තබා ගත්තැයි වසර 13 කට පෙර රිමාන්ඩ් කළ පුද්ගලයෙක් කොළඹ  මහාධිකරණයෙන් අද නිදහස් කරනු ලැබීය.

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය 1999 දී අත් අඩංගුවට ගත් චන්ද්‍රවේලු හෙවත් රවීට එරෙහිව සාක්කි නොවු හෙයින් කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරිය ඔහු නිදහස් කළාය.