කුඩු නඩුවකට ආ කතක ළඟ කුඩු


හෙරොයින් මත් කුඩු නඩුවක් වෙනුවෙන් රිමාන්ඩ් භාරයේ සිට ගල්කිස්ස උසාවියට ගෙන ආ කාන්තාවක එහි වැසිකිළියට ගොස් එද්දී කුඩු පැකට් දහයක් (මිලි ග්‍රෑම් දෙසීයක්) සමඟ අත්අඩංගුවට ගත් බව බන්ධනාගර නිලධරයෝ කියති.

වැසිකිළියේදී ඇයට කුඩු දෙන්නට ඇතැයි සැක කෙරෙන පුද්ගලයා සොයාගෙන නැත.

බන්ධනගාර බුද්ධි හා ආරක්ෂක නියාමක නිලධරයෙක් මෙම කුඩු සොයා ගත්තේය.

සැකකාරිය ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.