(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයකුට දිවෙල, පල්ලේගම ප්‍රදේශයේ දී හිසට බ්ලොග් ගලකින් ගසාමරා දමා ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ සමන් කුමාර හෙවත් ඇල කපිල නැමැති 47 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 42 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි කෑගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ කසිප්පු පෙරා විකිණීමද කරගෙන ගොස් ඇති අයෙක් යැයි පොලීසිය සඳහන් කරයි.
මීට අමතරව 2019 වසරේ දී සිදු වූ මනුස්ස ඝාතනයක් සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින අයෙකු යැයි පොලිසිය කියයි.

