යුද හමුදාව හැර ගිය පුද්ගලයකු ද හමුදා භටයන් තිදෙනකු ද තවත් අයකු ද සමග පොලිස් වෙසින් ගොස්, හොරෝයින් මත්කුඩු විකුණන්නකුගෙන් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි. කුඩු විකුණන්නකුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පමක් ගන්නා බවත් මුදල් නොමැති නම් රන්මාල, අත්පළඳනා, මුදු ආදිය ද ගන්නා බවත් පොලිසිය කියයි. සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති පී.ජී.එස්.ආර් සංජීව මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කළේය.

