2008 දෙසැම්බර 04 වැනි දා හෙරොයින් ග්‍රෑම් 80ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට එරෙහිව සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අද නඩු පැවරිණි.
මැයි දෙවැනි දා නඩුව කැඳවීමට නියෝග කැරිණි.
වෙලේ සුදා සමඟ ගල්කිස්සේ දී කුඩු විකුණු බව කියන මලිති සමීර පෙරේරා නොහොත් අමිල මිය ගොස් ඇතැයි නීතීපති කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මියට දැන්විය.
වෙලේසුදා හෙවත් ගම්පොල විදානගේ සමන්ත කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ අධිරණයට රැගෙන එනු ලැබීය. ඔහු යළි හත් වැනිදා තෙක් යළි රිමාන්ඩ් කළේය.

