කුඩු චෝදනාවට නිවැරදිකරු බව වෙලේ සුදා කියයි


පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු එවමින් සිටියදී පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දුන් වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර 2008.12.04 වැනිදා ගල්කිස්සේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 7.9 ක් සන්තකයේ තබාගෙන අලෙවි කළැයි වෙලේ සුදාට අද (18) චෝදනා පත්‍ර බාරදුන්නේය.

තමා නිවැරදිකරු බව වෙලේ සුදා අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය හමුවේ කීවාය.

නඩුව අගෝස්තු 10 වැනිදා සිට අවසන් වනතුරු එක දිගට විභාග කිරීමට තීරණය විය. මේ නඩුවේ සැකකරුවකුවූ මලිත් සමීර පෙරේරා හෙවත් අමිල වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී මියගිය බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.