කුඩු ගුලියයි ගැබිනියයි අල්ලයි


රිමාන්ඩ් භාරයේ සිටින අනියම් සැමියාට රුපියල් 50000ක් වටිනා මත්කුඩු ගුලියක් බණ්ඩාරගම අධිකරණ භූමියේදී දීමට තැත්කළ ගැබිනි කතක බණ්ඩාරගම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පුද්ගලයා හිරගෙදර කුඩු විකුණන බවත්, මෙම ගුලියෙන් කුඩු පැකට් 50ක් පමණ හැදිය හැකි බවත් කියති.

වැඩබලන ස්ථානාධිපති ඩබ්ලිව් ආර් කරුණාරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදු විය.