පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්‍රම් අමීර්ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (19) මරණීය දණ්ඩනය නියම කළේය.
2009 ඔහු කොළඹ, කොල්ලුපිටියේ ජුලියානා හෝටලයේදී පකිස්තානුවන්ගෙන් හෙරොයින් කුඩු ලබාගනිද්දී අත් අඩංගුවට ගත් බව කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය කියයි.

