කළුතර නගරයෙන් පාපැදි 26ක් සොරකම් කළැයි කියන 25 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බයිසිකලයක මිල රුපියල් 6000 සිට රුපියල් 12000 දක්වා වෙයි.
මොහු බයිසිකලයක් විකුණා ඇත්තේ රුපියල් 1500කට පමණය.
මත් කුඩු මිලට ගැනීම සඳහා බයිසිකල් සොරකම් කරන්නට ඇතැයි ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.