කුඩු ගහන්න දුරකතන කුළුනු පරිපථත් ගලවයි


කොළඹට නුදුරු පෙදෙස්හි පොලිස් වසම් හතක දුරකතන කුළුනු වල විදුලි පරිපථ ගැලවූ බව කියන දෙදෙනකු තලපත්පිටියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය කියයි.

මත් කුඩු ගැනීම සඳහා ඔවුන් මේ පරිපථ ගලවන්නට ඇතැයි සැක කරයි.

පරිපථයට වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරකි.