කුඩු ගන්න ගිහින් ගෑණු ගැටේ හිරවේ


වේදනා නාශක පෙති කුඩු කර හෙරොයින් මත්කුඩු ලෙස පාටකර හෝකන්දර ගැනුම්කරුවකුට දී රුපියල් 40,000 ක් ගත් ගැහැණියකද එම පුද්ගලයාද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කොළඹට ආසන්න ජනාකීර්ණ පෙදෙසක ප්‍රත්‍යන්ත ගමකදී මේ ගනුදෙනුව සිදුවූ ගමන්ම එම ගැහැණිය රුපියල් 40,000 තුන්වැනි පුද්ගලයකුට දී ඇතැයි පොලිසිය සැකකරයි. ඔහුට කුමක් වීදැයි පොලිසිය නොදනී. කුඩු මිලට ගත් පුද්ගලයා අද අලුයම මැදිරියේදී ගෙල සිරවී සිටියදී සොයාගෙන රෝහල් ගත කරනු ලැබ සිටී. මෙම කුඩු විකුණු ගැහැණිය මහියංගණයෙන් පැමිණ කිරිවන්තුඩුවේ පදිංචිව සිටි බව පොලිසිය පවසයි.