කුඩු කිලෝ දෙකට දස වසරයි


චෙන්නායි ගුවන් තොටුපලදී 2010 දී කිලෝ දෙකක හෙරෝයින් මත් කුඩු සමඟ අත්අඩංගුවට ගත් මොහොමඩ් රිකාස්ට චෙන්නායි අධිකරණයෙන් දස වසරක සිර දඩුවමක් හා ඉන්දියා රුපියල් දෙලක්ෂයක දඩ නියම කළ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.

රිකාස් ශ්‍රී ලංකීකයකි. මත් කුඩු සමඟ ඔහු සමඟ කොළඹ එමින් සිටි තවත් ලංකීකයෝ දෙදෙනෙක් නිදහස් කරනු ලැබූහ.

තිළිණි ද සිල්වා