කුඩු විකුණන්නියන් දෙදෙනකුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ගත්තැයි සුරාබදු නියාමකයෝ දෙදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඩී එස් පී එස් විජේරත්න,පී කේ එස් කේ ද සිල්වා එම දෙදෙනාය.
ඔවුනට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරා පහළ අධිකරණයක නඩු පැවරීමට මෙම අල්ලස ගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
නඩුව විභාග වී ගෙන යද්දී පැමිණිලිකාරියක පැවසුයේ සැකකරුවන් දෙදෙනාට රුපියල් තුන්ලක්ෂයක් ඊට කළින්ද දී ඇති බවයි.