අවිස්සාවේල්ල, කුඩාගම අනවසර පතල් කැනීමක් සිදුකළ බව කියන පිරිසක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් සහ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
විශේෂ කාර්ය බළකාය එහි යනවිට පතලේ සිටි පිරිසක් පැන ගොස් ඇති බවත් එසේ පැන ගිය බව කියන එක් තරුණයකු ජලාශයකට වැටී ගිලෙන්නට ගොස් ඇති බවත් පසුව ඔහු බේරාගෙන රෝහල්ගත කරනු ලැබ ඇති බවත් කියති.