
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාහන අලෙවිකරුවකු ලෙස පෙනී සිටිමින් විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කරුවකුගේ මුදල් අය කැමි ලෙස කටයුතු කළ පුද්ගලයකු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සහ ව්‍යාජ වාහන අංක තහඩු තොගයක් සහ ඊට අදාල ලිපි ලේඛන තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමග රුපියල් 22,085.,810/= , මුදල් ගණනය කිරීමට යොදාගන්නා නවීන යන්ත්‍රයක් , යම් අපරාද සඳහා යොදා ගැනීම සඳහා ව්‍යාජව සකසා සඟවාගෙන සිටි ලියාපදිංචි අංක තහඩු 20 ක් ආදායම් බලපත්‍ර 21 ක් රක්ෂණ සහතික 05 ක් , 9 එම් එම් ජිව උන්ඩ 01 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12020 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසේ ඒකක හතර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පිළිබඳ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී ඔහුගේ මුදල් අය කැමි ලෙස කටයුතු කළ මෙම සැකකරු වත්තල හුණුපිටිය ගැමුණු මාවත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට එම ජාවාරම් කුරුගේ මුදල් භාරකරු ලෙස කටයුතු කරන බවට ලද තොරතුරු අනුව නිවස වැටලූ බව පොලිසිය කියයි.

