ඇටය දක්වා මස කා දමන හෙරොයින් මත් කුඩු වර්ගයක් රුසියවේ සිට ඇමෙරිකාවේ චිකාගෝ නුවරට දැන් පැතීරී ඇතැයි වෛද්‍යවරු කියති.
කුණු මාළු ගඳ ඇති මෙම කුඩු වර්ගය රුසියන් බසින් ක්‍රොකඩිල් (කිඹුලා ) යනුවෙන් හැඳින්වේ.
චිකාගෝ නුවර දොස්තර ඇබිජින් සිංග්ලා පැවසුයේ මෙම බෙහෙත් ගත් තිදෙනකුට ප්‍රතිකාර කරන බවයි.
බෙහෙත මෝෆයින් රසායනයට සමාන බවත් ලබා ගැනීම පහසු බවත් ඉන්ධන හා සායම් වර්ග සමඟ පාවිචිචියට ගන්නා බවත් වෛද්‍යවරයා පවසයි.
මෙම කුඩු වර්ගය ගැනීමෙන් අත් පා ආබාධිත තත්ත්වයට පත් වන බවත් තුවාල වු තැන් වලට සම බද්ධ කිරීමට පවා සිදු වන බවත් කුඩු ගැසු පුද්ගලයන්ගේ මාංශ පේශි හා ඇට පෑදෙන බවත් ඔහු පවසයි.
මැරී ගිය සමෙන් විෂ බීජ පැතීරි අවයව කපා දැමීමේ සිට මරණය දක්වා අතුරු අන්තරා ඇති කරන ක්‍රොකඩීල් හෙරොයින් කුඩු වලට ලාභ විකල්පයක් වී ඇතැයි ඔහු සඳහන් කරයි.
කුඩු කාරයන් හෙරොයින් වෙනුවට විකල්පයක් සොයනුයේ හෙරොයින් වලින් බලාපොරොත්තුවන පදම නොලැබීම නිසා බවත් වෛද්‍යවරයා සදහන් කරයි.

