කුඩම්මාගේ සැලිකිලි ගැන මර්වින් කියයි


එන්න එන්න රජයෙන් මට තිබෙන සැලකිලි කුඩම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. ඒත් මම මහින්ද චින්තනය අදටත් ක්‍රියාත්මක කරන්නේ යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය මර්විල් සිල්වා මහතා පැවසීය.

කැලණිය ජනාධිපති විද්‍යාලයට පසුගිය කාලයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ලබා දුන් ක්‍රිඩංගණය පිහිටි ඉඩමේ කොටසක සංස්කෘතික මධ්‍යස්ථානයක් සැදීමට කටයුතු කරනවා යැයි පවසමින් එම විද්‍යාලයේ දෙමාව්පියන් විසින් ඊට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහින්ද චින්තනය තිබෙන්නේ ළමයි ගැන බලන්න නේ. ඒකනේ මම ක්‍රියාත්මක කරන්නේ. එන්න එන්නම රජයේ තියෙන සැලකිලි කුඩාම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. පසුගිය කාලේ මිනිමරුවෙක් කියලා හංවඩු ගැහුවා. මම එවෙලේ අස්වුණා. කැලිණියේ ඩෙංගු රෝගින් අඩු වුණේ මම නිසයි. ඒකට පාඩමක් උගන්වන්න ගියාම ගස් බැන්දා කිව්වා. ඒ වගේ නොයෙක් දේ මට සිදුවුණා.

බුදුන්ගේ කාලයේ දෙව්දත්තර හිටියා. සමහර මිනිස්සු දෙව්දත්තර පස්සෙනුත් ගියානේ. මේ වගේ බණ පොත් අතේ තියාගෙන ඉන්න දේශපාලඥයෝ ඉන්නවද?

‘‘ මහා පරිනිර්වාණ ධර්මය‘‘ පොත පෙන්වයි‘‘ මම මේ කැලණියට ආවේ සිගාලෝවාද සුත්‍රය අතේ තියාගෙනයි. මම නිතරම පොත්පත් බලනවා.