රාත්‍රී කාලයේ කුකුළු කොටු වලට පැන කුකුළන් සියයක් පමණ සොරා ගත් තරුණයකු (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.
ගනේමුල්ලේ කළුවල පාර, සුමේද මාවත සහ පහළ යාගොඩ ආදී ප්‍රදේශවල කුකුළන් අතුරුදන්වෙතියි කියමින් පසුගිය කාලයේ පොලිසියට පැමිණිලි දහයක් පමණ ලැබී ඇත.
රාත්‍රී 12ත් අලුයම තුනත් අතර කුකුළු කොටුවල ඉබ්බන් කඩා කුකුළන් ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
2012 දී සිදුවූ රුපියල් තුන් ලක්ෂයක යකඩ සොරකමකට සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී කුකුළු සොරකම ගැන හෙලි වී ඇත.

