කුකුළු මස් සමග කුණුහරප විකුණයි


ලුණුගල නගරයේ කුකුළු මස් කඩයකින් අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 24ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ලුණුගල පොලීසිය කියයි.

පොලිස් පරීක්ෂක ප්‍රදීප් පානියංගම මහතා මෙම වැටලීම කළේ පාසල් සිසුනට හා තරුණයනට සංයුක්ත තැටි අළෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුවය.