කුකුළු මස්, බිත්තර අඩු කරන යෝජනාවක්


(අංජුල මහික වීරරත්න)

කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීමට සහ බිත්තර හිඟය අවම කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා කාලගුණික හේතු නිසා මත්ස්‍ය කර්මාන්තය අඩාල වීමෙන් කුකුළු මස් වලට ඇති ඉල්ලුම ඉහල ගොස් තිබෙන බව සඳහන් කළේය.