කුකුළු කොටුවෙන් පීඑච්අයි අල්ලස් දැලට


වැලිවේරිය ඌරුවල කකුළු ගොවිපොළකට එරෙහිව නීතියෙන් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා පනස් දහසක් ලබා ගත් බව කියන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහින්ද උපුල් කුමාර ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියෝග ක‍ළේය.