මව සහ දියණිය විවාහ කර ගැනීම, පළමු කසාදය වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වූ රියදුරකුට අවිස්සාවෙල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී එම් ඒ සෙනවිරත්න මහතා බරපතල වැඩ සහිත මාස තුනක සිර දඩුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවීය.
අගතියට පත් පාර්ශ්වයට රුපියල් 75000ක වන්දියක් ගෙවීමට ද නියම කැරිණි.
මෙසේ දඩුවම් නියම වූයේ කොස්ගම කුකුළු ගොවිපොළක දැරණියගල නිරෝෂන් දසනායක (29) නම් රියදුරාටය.
දකුණු ඇස්වත්තේ පදිංචි 44 හැවිරිදි වැන්දඹු මව 2009 වසරේ ගැටහැත්තේ දී විවාහ කරගෙන, ඊට පසුව 2012දී 20 වැනි වියේ පසුවූ ඇගේ දියණිය දැරණියගලදී විවාහ කරගැනීමෙන් බහු විවාහයක් කර ගැනීම මත අවිස්සාවෙල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සේනාරත්න මහතා ඔහුට එරෙහි නඩු පැවරීය.