ලග්ගල තෝරපිටියේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීමට ගෙන ආ මත්පැන් බෝතල 31 ක් කුකුළු කූඩුවක සඟවා තිබියදී පියා සහ පුතා සමඟ අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.
සිවිල් ආරක්ෂක භටයින්ගෙන් ලැබුණු තොරතුරක් අනුව මෙම වැටැලීම සිදු කැර ඇත.
නිවස පිටුපස කුකුළු කූඩුවේ දහයියා ගොඩේ සඟවා තිබීයදී සොයා ගත් මෙම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් හතලිස් දහසක් පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.
පියා සහ පුතා අද (05) නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



