කුකුළන් බල්ලන් කෑ කිඹුලා අල්ලයි


පිළියන්දල  කැකුණගහවත්ත ගඟබඩ පාරේ කුකුළන්,බල්ලන් හා ඉබ්බන් වැනි සතුන් ද කාලයක් තිස්සේ  අතුරුදන් කළ බව කියන කිඹුලෙක් උඟුලක් අටවා අල්ලා ගැනීමට ගැමියෝ සමත් වුහ.

කිඹුලාගේ දිග අඩි 12කි.ඔරු  පාරුවලටද මේ කිඹුලා තර්ජනයක් වු බව කියති.

වනජීවී දෙපාර්තමේන්තුවට හා දෙහිවල සත්තුවත්තට කිඹුලාගැන දැනුම් දී ඇතැයි ඔවුහු පවසති.