කී‍්‍රඩා ඉසව් 23 කට පිටරට පුහුණුකරුවන් කැඳවයි


තෝරාගත් ක‍්‍රීඩා ඉසව් 23ක් සඳහා විදේශ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිමින් අඛණ්ඩව වසරක කාලයක් පුහුණු සංචිත පවත්වාගෙන යාමට ක‍්‍රීඩා අමාත්‍යාංශය පියවර ගන්නා බව ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. අනුරාධපුරයේදී හා කුරුණෑගලදී පැවති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ක‍්‍රීඩා නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකදී ක‍්‍රීඩා ඇමතිවරයා මෙසේ පැවසීය. ක‍්‍රීඩා අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන ක‍්‍රීඩා ශක්ති වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත‍්‍රික් ක‍්‍රීඩා නිලධාරීන්ට හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ටත් විශාල වගකීමක් පැවරීතිබෙන බවත් එම හමුවේදී ඇමැතිවරයා පැවසීය. වයස 14 ත් 18 ත් අතර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1200 ක් සඳහා එම වැඩසටහනෙන් ප‍්‍රතිපාදන සලසා දී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. ඇමැතිවරයා මෙසේද පැවසීය. මේ වැඩසටහනේ අරමුණ වසර 2013 නවදිල්ලිනුවර පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙලයි. එදා රන් පදක්කම් 42ක් දිනා ගත් ශ්‍රී ලංකාව මෙදා රන් පදක්කම් ගණන 12ට බැහැලා ක‍්‍රීඩා උළෙලේ අපි හතරට වැටුණා. දිස්ත‍්‍රික් මට්ටමින් ක‍්‍රීඩාව නැංවීමට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා කමිටු පත් කර තිබෙනවා. එහි කටයුතු කරන්නේ දිස්ත‍්‍රික්කයේ දෙශපාලඥයන් ඇතුළු ප‍්‍රභූවරුන්. ක‍්‍රීඩා අමාත්‍යාංශය හත් අවුරුදු ක‍්‍රීඩා සංවර්ධන සැලැස්මකුත් මේ අතර හෙට දවසේ මෙරට ක‍්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙනවා.