කීත් නොයාර් සිද්ධියේ හමුදාවේ පස් දෙනාගේ වැඩ තහනම්


මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කියයි.

එම පිරිස අතර මේජර් වරයෙක්ද සිටියි.ඔවුහු යුද හමුදා බුද්ධි අංශයේ ට්‍රිපෝලි කඳවුරේ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටියහ.