කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන් තිදෙනාම රිමාන්ඩ්



 
යුද පුවත් වාර්තා කරුවකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව සිද්ධියෙන් වසර 09කට පසු අත් අඩංගුවට ගන්නා ලද යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුද සෙබළුන් තිදෙනෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. 
 

විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද මෙම තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.