ශී‍්‍ර ලංකා වරාය, කර්මාන්ත සහ සේවා සැපයුම් ප‍්‍රදර්ශනයටත්, 2013 වර්ෂයේ සම්මාන ප‍්‍රදර්ශනයටත් සමගාමීව පසුගිය 1 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති කි‍්‍රස් හයිමන් කුසලාන විස්සයි 20 කි‍්‍රකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපතිගේ පිල සමත්විය.
වරාය අධිකාරිය සභාපතිගේ පිල හමුවේ අවසන් තරගයේදී පරාජයට පත්වූයේ සීටේ‍්‍රඞ් (සන්නිවේදන) ආයතනයේ සභාපතිගේ පිලයි.
ප‍්‍ර‍්‍රියත් වික‍්‍රම තරගාවලියේ වීරයා බවට පත්විය. දක්‍ෂතම පිතිකරු ලෙස ආනා සේනානායකද, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ජනේෂ් රත්නදාසද, දක්ෂතම පන්දු රකින්නා ලෙස සජිත් ප‍්‍රනාන්දුද සම්මාන ලබාගත්හ.
වර්ෂාව නිසා තරගය අතරමැද නතර කිරීම හේතුවෙන් වරාය අධිකාරි පිලට තරගය ජය ගැනීම සඳහා ඕවර 5 කදී ලකුණු 31 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ලකුණු ප‍්‍රමාණය කිසිවෙකු නෙදැවී සම්පූර්ණ කිරීමට වරාය අධිකාරියේ සභාපතිගේ පිල සමත්විය.
සීටේ‍්‍රඞ් ආයතනයේ සභාපතිගේ පිල ඕවර 17 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 80
(ආනා සේනානායක 17, පි‍්‍රයත් වික‍්‍රම 24/3, අනිල් හේවාගීගන 19/2, ජනේෂ් රත්නදාස 14/2)
වරාය අධිකාරියේ සභාපතිගේ පිල ඕවර 5 කදී කිසිවෙකු නොදැවී 31
(*)