ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස මහතා නිතරගෙයන් තේරී පත්වී සිටියද, තවත් ප‍්‍රධාන නතතුරු හතරක් සහ ප‍්‍රධාන කමිටු හතරක් සඳහා වන නිලවරණය හෙට (16 වැනිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ පැවැත්වෙන පළමු වැනි නිලවරණයද මෙයයි.
කි‍්‍රකට් ආයතනයේ උප සභාපති (තනතුරු 2), භාණ්ඩාගාරික (තනතුරු1), උප ලේකම් (තනතුරු 1) සහ උප භාණ්ඩාගාරික (තනතුරු 1) තනතුරු සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත. මෙම තනතුරු හතර සඳහා 10 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මෙතෙක් කලක් පැවැති අත් ඔසවා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය වෙනුවට රහස් ඡන්දයක් මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.
(øø)