කි‍්‍රකට් ප‍්‍රබලයෙක් පස්මහ බැලූම් බලයි


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේම හිටපු ප‍්‍රබලයකු සූදානම් වන නමුත් එහිදී තමන්ට ජයග‍්‍රහණය කිරිමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසමින් සිටින බව දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡවක් අද (27 වැනිදා) සවස පැවැති නමුත් රාත‍්‍රිය වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොතිබිණ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වත්මන් ලේකම් නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුර සඳහා ‘නිදහස් අපේක්‍ෂකයකු’ ලෙසින් අද සිය නාමයෝජනා බාරදීමට නියමිතය. කි‍්‍රකට් නිලවරණයේ නාමයෝජනා බාරගැනීම හෙට (28) පස්වරු 4.30 ට අවසන් වීමට නියමිතව ඇත.