ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කාර්යයන් කෙරෙහි කී‍්‍රඩා අමාත්‍යංශයේ බලපෑම බව හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක සිදත් වෙත්තමුණි මහතා පවසයි.
”මේ කඩාවැටීමට ගොඩක් හේතු බලපාලා තියෙනවා. නමුත් මේ සඳහා ප‍්‍රධානම හේතුව කී‍්‍රඩා අමාත්‍යංශයේ අනිසි බලපෑමයි” යයි වෙත්තමුණි මහතා පසුගියදා කොළඹදී පැවති විශේෂ සංවාදයකදී පැවසීය.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වන එරාන් වික‍්‍රමරත්න මහතා විසින් සංවිධානය කරනු ලබන ”එරාන් සමග” සාකච්ඡවේ වෙත්තමුණි මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
කි‍්‍රකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම කි‍්‍රකට් අතුරු කමිටුවක සාමාජිකයකු වශයෙන්ද කටයුතු කර ඇති වෙත්තමුණි මහතා පැවසුවේ කිසිවකු යහපත් දෙයක් කිරීමට උත්සාහ කළහොත් ඔහුව කි‍්‍රකට් ආයතනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.
”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිළධාරීන් සෑම මාස හයකට වරක්ම ඉවත් කරනවා” යයිද වෙත්තමුණි මහතා පැවසීය.
ශී‍්‍ර ලංකාවේ මැතකදී ඉදිකරන ලද කී‍්‍රඩාංගණ කිසිවක් අත්‍යවශ්‍ය පහසුකම් වලින් සමන්විත නොවන බවද හෙතෙම පැවසීය. හම්බන්තොට සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ වගේම දඹුල්ල කී‍්‍රඩාංගණයේත් පුහුණුවීම් සදහා අත්‍යවශ්‍ය ගෘහස්ථ කී‍්‍රඩාංගණයක්, ව්‍යායාම් ශාලාවක්, පිහිනුම් තටාකයක්, නොමැති බවත් පැවසීය.
”මෙම කී‍්‍රඩාංගණ ඉදි කිරීමේ ගැටඵවක් නෑ. නමුත් අවශ්‍ය පහසුකම් සහිත විය යුතුයි” යයිද වෙත්තමුණි මහතා අවධාරණය කරයි.
අතීතයේ මෙන් නොව වර්තමානයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ තත්වය වෙනස් වී ඇති බවත්, ඔවුන් සම්පූර්ණයෙන් වෘත්තීමය කී‍්‍රඩකයන් වී ඇති බවත් පවසන වෙත්තමුණි මහතා ...
”වෙනත් රටක දේශීය තරගාවලියක කී‍්‍රඩා කිරීම වෙනුවෙන් ඩොලර් ලක්‍ෂ 5 ක් වැනි මුදලක් ගෙවන විට කී‍්‍රඩකයන් එය හැරදමා රට වෙනුවෙන් කී‍්‍රඩා කරාවිද කියන එකත් යථාර්තවාදීව හිතන්න ඕනෑ” යයිද පවසා සිටියේය.