කි‍්‍රකට් කී‍්‍රඩකයෝ 22 ක් ගිවිසුමට අත්සන් කරති


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතර වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති අර්බුදකාරි තත්ත්වය අවසන් කරමින් ක‍්‍රීඩකයෝ 22 දෙනක් වාර්ෂික ගිවිසුමට ඊයේ (04) අත්සන් කර තැබූහ. ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා වන මහේල ජයවර්ධන බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුමට ඇතුළත් වන ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 23 කි. එම ක‍්‍රීඩකයන්ට පෙරේදා (03) පෙරවරු 9.00 ට පෙර ගිවිසුමට අත්සන් කරන ලෙස දැනුම් දී තිබුණ ද ක‍්‍රීඩකයන් අදාළ ගිවිසුමට අත්සන් කිරීම මග හැරීම නිසා අර්බුදකාරි තත්ත්වයකට පත්විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සහ ක‍්‍රීඩකයන් අතර පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවෙන් අනතුරුව ක‍්‍රීඩකයෝ ගිවිසුමට අත්සන් කිරීමට එකඟ වූහ.  
මේ පිළිබ`දව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ එම ප‍්‍රශ්නය මේ වන විට අවසන් බවයි.

”මේ වන විට ඒ ගැටළුව අවසන්. ක‍්‍රීඩකයන් 23 දෙනාගෙන් මහේල හැර සෙසු සියලූම ක‍්‍රීඩකයන් ගිවිසුමට අත්සන් කළා. මහේල ආබාධයකට ලක්ව සිටින නිසා විදේශගතව සිටිනවා. ඔහු පැමිණිමෙන් පසු එය අත්සන් කරයි” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

වාර්ෂික ගිවිසුමේ ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකුට වසරකට ඩොලර් 140,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 160 කට වැඩි මුදලක් හිමිවන බව දැනගන්නට තිබේ.

වාර්ෂික ගිවිසුම්ගත මුදලට අමතරව ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග සඳහා කී‍්‍රඩා කිරීම වෙනුවෙන් තරග මුදලක් ද කී‍්‍රඩකයන්ට හිමිවේ.

ඊට අමතරව සියලූම වෛද්‍ය පහසුකම් සහ ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය සියලූම ඇදුම් සහ ආම්පන්න ක‍්‍රිකට් ආයතනය විසින් සපයනු ලබයි.