කි‍්‍රකට් කී‍්‍රඩකයන් 10 දෙනකුගේ භාර්යාවන්ට රුපියල් ලක්‍ෂ 41 ක වියදමක්


ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගියදා නිරත වූ  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කී‍්‍රඩකයන් 10 දෙනෙකුගේ භාර්යාවන්ගේ ගුවන් ගමන් වෙනුවෙන් රුපියල් හතලිස් එක් ලක්ෂ හතලිස් නවදාහක (41,49,000.00 ක්) මුදලක් වැය කර තිබේ.

මෙම මුදල ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එක් අයෙකුට රුපියල් 3,93,000.00 ක් බැගින් වනසේ සිංගප්පූරුව හරහා ඔස්ටේ‍්‍රලියාවට යාමට ගුවන් ප‍්‍රවේශපත් සඳහාද, ඉතිරිය ඔවුන්ගේ වීසා ලබාගැනීම සඳහාද වියදම් කර ඇති බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් වීසා ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දරා ඇති වියදම කී‍්‍රඩකයින් විසින් ආපසු කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලැබීමට නියමිතය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩකයින් සමග දැනට බැඳී සිටින  කොන්ත‍්‍රාත්තුවට අනුව කි‍්‍රකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරන සෑම කී‍්‍රඩකයෙකුගේ බිරිදකටම වසරකට එක් වතාවක් බැගින් තමන්ගේ සැමියා සමග විදේශ සංචාරයකට එක්වීම සඳහා ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ලබාදිය යුතුය.

යෙහාලි සංගක්කාර, ක‍්‍රිස්ටිනා ජයවර්ධන, ටානියා වහලතන්ත‍්‍රී, සේනානි රම්ඹඩගේ, වැනේසා මෙන්ඩිස්, දිනූෂා වත්තගේ, සවිත‍්‍රී වෙළගෙදර, ජීවනී කළුපහන, ඩෝනා සිල්වා සහ මංජුලා මීගහවත්ත යන අයට  ඕස්ටේ‍්‍රලියාවට යාම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන තිබේ.

පසුගිය සතියේ පැවති විධායක කමිටු රැුස්වීමකදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙතෙක් කී‍්‍රඩකයන්ට ලබාදුන් මෙම පහසුකම අවලංගු කිරීමට තීරණය කර තිබේ. තවද මින් ඉදිරියේදී අන්තර් ජාතික කි‍්‍රකට් සභාව මගින් පවත්වන තරග වලින් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබෙන මුදලින් කී‍්‍රඩකයින්ගේ කොටස නොගෙවා සිටීමටද ඔවුන් තීරණය කර තිබේ.

දැනට පවතින කී‍්‍රඩකයින්ගේ කොන්ත‍්‍රාත්තුවට අනුව අන්තර් ජාතික කි‍්‍රකට් සභාවෙන් ලැබෙන මුදලින් 25% ක් පමණ ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයින් 15 දෙනා වෙනුවෙන් වෙන් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනට සිදුවී තිබේ. එසේ වුවත් අනිකුත් රටවල් එලෙස නොකරන බවද දැනගන්නට ඇත.